තවමත් පාසල් යන පුංච් රියලිටි තාරකාව

0

කෙනෙක් ගෙ දක්ෂතා ඉස්මතු වෙන්න ඔවුන්ට පුංචි වයසේ ඉදන් ලැබෙන අත්දැකීම් විශාල පිටුවහලක්. ඉතින් එහෙම දක්ෂතාවයක්‌ තමන්ගේ ජිවිතේට ආලෝකයක්‌ කරගත්තු පුංච් සමනලියක් අද අපේ කතා බහට එකතුවෙලා ඉන්නවා. ඇය අගසි දෙව්නි. හිරු ස්ටාර් රියලිටි වැඩසටහන හරහා ඉමහත් ජනාදරයට පත් වුවත් ඇය තවමත් පාසල් යන පුංචි දියණියක්.

ඉතින් අගසි කොහොමද විස්තර?

  • මේ දවස් වල නම් ගෙදර ඉන්නවා.

කොහොමද මේ ක්ෂේත්‍රයට ආවේ? මුල් අවධිය ගැන තොරතුරු ටිකක් කියමු අපේ ප්‍රේක්ෂකයන්ට?

  • මම මේ ක්ෂේත්‍රයට ආවේ හිරු ටීවී සුපර් ඩාන්සර් හරහා 2017 සීසන් 01 ට මුලින්ම සහභාගී උනේ. ඊට පස්සේ මම ඉවත් වුණා. ඒ හදුනාගැනීම් හරහා මට දැන්වීම් වැඩසටහන් වලට ආරාධනා ලැබුනා, ඒ වගේම ටෙලි නිර්මාණයකටත් දායක වුනා. ඒ නිසා සම්බන්දතා ගොඩනැගුනා ක්ෂේත්‍රයේ පිරිස සමග, ඒ අතරතුර හිරු ස්ටාර් සීසන් 02 සදහා අයදුම් කරා. ඒ තරගය තුළින් මම දෙවන ස්ථානය ට තේරුනා. ඉතින් එහෙම තමයි ක්ෂේත්‍රයට ආවේ. ඒ තමයි මුල.

ඔබේ පවුලේ තොරතුරු, කොහොමද පවුලෙන් මේ වැඩකටයුතු වලට ලැබෙන සහයෝගය?

  • මගේ පවුලේ මමයි, අම්මයි තාත්තායි නංගියි. මම මෙතන ඉන්න එකම හේතුව තමයි අම්මගෙ තාත්තා ගෙ සහයෝගය. මොකද පර්මිෂන් එකක් පවා ගන්න බැරි උනා නම් ක්ෂේත්‍රයට මට එන්න බැහැ. ඉතින් එයාල තමයි හැම දේකදී ම මට ශක්තිය වෙන්නේ.

අගසි ඩාන්සින් පටන් ගන්නේ කොයි කාලේද?

  • ඒක නම් ටිකක් දිග කතාවක්, මම මුලින්ම ඩාන්සින් පටන් ගන්නේ වයස අවුරුදු දෙකහමාරේදී. ඒ යන්නේ ප්‍රසාදි ජනසිංහ ගුරුතුමිය ගෙන් ඉගන ගන්න. එතන ඉදන් දිගටම ශිෂ්‍යත්වය ලියනකන්ම ඩාන්සින් කරා. පස්සේ ටිකක් අධ්‍යාපන වැඩ නිසා ඩාන්සින් නැවැතුනා. ටික කලකින් නැවත ඩාන්සින් පටන් ගත්තේ සුපර් ඩාන්ස් වැඩසටහනට සහභාගී වීමෙන්.

ඔබේ පාසල් ජිවිතේ ගැනත් දැනගන්න කැමැතියී අපි. නර්තනය ප්‍රගුණ කරන්න මොනවගේ පිටුවහලක් ද ඔබ‍ට පාසලෙන් ලැබුනේ?

  • මගේ පාසල සෙන්ට් පොල්ස් මිලාගිරිය. පාසල් විදුහල්පතිනිය, ගුරුවරු මට මුල ඉදලා සහයෝගය දැක්‌වූ වා. පුංචි කාලේ ඉදන් මන් පාසලේ වැඩ සටහන් වලට පුංච් කාලේ ඉදන් සහභාගී උනා. විශේෂයෙන් විදුහල්පතිනිය විශාල සහයෝගයක්‌ දුන්නා මගේ අවසාන වටයට. අදටත් ඔවුන් මට මගේ අධ්‍යාපන කටයුතු මග නොහැරී ඉදිරියට යන්න විශාල සහයෝගයක්‌ ලබා දෙනවා.

අගසි කොහොමද අධ්‍යාපන වැඩ එක්ක රියලිටි තරගයක් සමබරව කරගත්තේ? අමාරු කම් තියෙන්න ඇති ඔබ‍ට?

  • පාසලෙන් ගෙදරින් අවවාද කරේ මට මොන නැටුම නැටුවත් ඉගන ගන්න කියලා අවසර දුන්නේත් එහෙම පොරොන්දු වෙලා. මම හිතනවා මම හොදට කරන නිසා දැන් අවුරුදු 03 ගත්ත වුනත් මට එපා කියලා නැහැ. දවසේ පැය ගාන මදි වෙන වෙලා එනවා ගොඩක් මහන්සි වුනත්, අම්මා තාත්තා යාළුවො ගොඩක් උදව් කරන නිසා මේක කරන්න පුළුවන් කියලා හිතෙනවා.

පුංචි දියණියක්‌ ඔබ තවම, නමුත් ඔබ ජනප්‍රිය තරුවක්. මොකද හිතෙන්නේ ඔබ‍ට ඔබේ ගමන තුලත් අනිවාර්යෙන් ජනප්‍රියත්වය මත යම් යම් පීඩන අවමන් තිබුනද?
කොහොමද ඔබ ඒ වාට මුහුණ දුන්නේ?

  • අපේ අරමුණක්‌ අපිට තියනවා නම් අපෙ අරමුණට අපි යන මාර්ගය දුෂ්කර වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේ දේවල් උනත් ඒවා ගණන් නොගෙන අපි ඉදිරියට යන්න ඕන. ගොල්ලන්ට ඒවා මාතෘකා වුණාට අපි ඒවා පස්සේ යන්නේ නැතුව අපේ අරමුණට යන්න ඕන. ඒ තමයි මට හිතෙන විදිහ.ඒත් අවුරුද්දක්‌ ගත වෙලා තිබුනත් ආදරේ කරන ප්‍රේක්ෂකයන් ගෙ ප්‍රතිචාර වලට මම හරිම ආසයි.

ඉහත කිව්වා වගේ ඔබ‍ට එහෙම එල්ලවන චෝදනා වලට මොනවගේ අදහසක් ද ඔබේ දෙමව්පියෝ දරන්නේ?

  • මට එහෙම නරක චෝදනා වක් එල්ල වෙලා නැහැ. මගේ පවුලේ අය මාව විශ්වාස කරනවා. අම්මා මාව තනියම කිසිම දෙයකට යවන්නේ නැහැ. නිතරම ලගින් ඉන්නවා. අම්මා උගන්නනේ යම් ස්ථානයක ඉන්නකම් අනිත් අය නපුරු දේවල් කියාවි කියලා. ඒව ගෙන් දෙයක් ඉගන ගන්න අමතක කරන්න කියලා තමයි.

ක්ෂේත්‍රය තුල මතක හිටින සිදුවීම්, රසබර සිදුවීම් මොනවද?

  • ෆයිනල් සීසන් එක තමයි. ඒ ජයග්‍රහණය හිතුවේ වත් නැති දෙයක්. ඒ වගේ ම අපි එකම තරගයක තරගකරුවෝ උනාට හරිම එකමුතු කමින් අපේ වැඩ කටයුතු කරගත්ත. ලොකු යාලු කමක් තිබුනා. එහෙම ගත කරපු තරගාවලියේ අන්තිම කාලය තමයි මගේ ජිවිතේ සුන්දරම කාලය. නිතරම මතක් වෙනවා හරිම ආසයි ඒ දවස් කිහිපයට.

ඉතින් අගසි මොනවද ඔබේ අනාගත බලාපොරොත්තු?

  • දැන් සීසන් එක ඉවරයි. ඒ නිසා අධ්‍යාපන කටයුතු වලට මූලිකත්වය දෙන්න හිතුවා. මොකද මට හිතෙනවා අපිට අධ්‍යාපන සුදුසුකම් තිබුන නම් මීටත් වඩා ඉහළට යන්න පුළුවන් කියලා. ඉගන ගත්තොත් ඒක ගොඩක් වටිනවා. පොඩි කාලේදී නම් ඩාන්සින් ටීච කෙනෙක් වෙන්න් ආසාවක්‌ තිබුනා. ෆයිනල් එක දින්නම තේරුනා මිනිස්සු අපි තුලින් මොනවා හරි බලාපොරොත්තු වෙනවා කියලා. නර්තනය ක්ෂේත්‍රයට යම් දෙයක් මේ තුළින් තිලිණ කරන්න ආසයි. දැනට මම උඩරට, පහත රට, සබරගමු බරත නාට්‍යම් වගේ ඉගන ගන්නවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here