20 Questions With Vishmi Sanjana

0

කාලා ක්ෂේත්‍රය තුල නර්තනයට හිමිවෙන්නේ සුවිශේෂී ස්ථානයක්‌.ඉතින් ලංකාවේ සම්ප්‍රදායික නර්තනය ලෝකය පුරාම ප්‍රසිද්ද උනාට අද අපිත් එක්කන් කතා බහට එක්වෙන්නේ ඉතාමත් ලාබාල වයසකදී රියලිටි තරගයක් ඉතිහාසය වෙනස් කරමින් බෙලි ඩාන්සින් හරහා ජනාදරයට පත්වුනු විශ්මි සංජනා

සම්පුර්ණ නම – විශ්මි සංජනා 

වයස – අවරුදු 16 

පාසල – Negombo South international School 

පවුලේ අය පිළිබද විස්තර

 මගෙ පවුලේ මට ඉන්නේ 

අම්මයි, තාත්තායි, අය්යයි. 

තාත්තා රට ඉන්නේ. 

අම්මයි අය්යයි තමය් මට මේ තාක් දුර එන්න උදව් කරේ. 

නර්තනයට අමතරව ඔබ දක්ෂ වෙනත් බාහිර වැඩමොනවද?  

නෙට් බෝල්, ස්විමින්, වගේ ක්‍රීඩා වලට මම දක්ෂයි. 

ඇත්ලැටික්‌ කරන්නත් මම ආසයි. 

ඔබ ක්ෂේත්‍රයට එන්නේ කොහොමද? 

 හිරු සුපර් ඩාන්ස් රියලිටි වැඩසටන හරහා 

ඔබ කරපු නර්තන අංගය පිළිබද විස්තර කිව්වොත් 

මම පොඩි කාලේ ඉදන් කරේ සම්ප්‍රදායික නර්තනය නමුත් හිරු සුපර් ඩාන්ස් හරහා මට

සැල්වෝ ඩාන්ස් ටීම් එකේ හෑශ් අක්කිව මුණ ගැහුනා. 

ඉතින් අක්කි තමයි මට බෙලි ඩාන්ස් ඉගනගන්න උදව් කරේ. ඉතිං මගේ නර්තන අංගය උනේ බෙලි ඩාන්ස්.

ඔබ බෙලි ඩාන්ස් කරන්නේ ප්‍රථමවතාවට නේද – 

බෙලි ඩාන්ස් මට ඉගෙනගන්න උදව් කරේ 

හෑශ් අක්කි. මම හිතුවේ නෑ මට ඩාන්ස් එක හරියට කරගන්න පුළුවන් වෙව් කියල. 

ඒත් ඩාන්සින් මගෙ ඇගේ තියනවා. ඒ නිසා කරන ඕන ඩාන්ස් එකක් ගොඩක් ඉක්මනට අල්ලගන්න පුළුවන්.

බෙලි ඩාන්ස් කියන්නේ අපිට ලංකාවට අලුත් දෙයක් ඔබ‍ට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

බෙලි ඩාන්සින් කරනවා කියලා මට ගොඩක් ලැබුනේ හොද ප්‍රතිචාර. 

නරක ඒවත් තිබුනා ඒත් අම්මිලා කිව්වේ ඔයාට ඩාන්සින් ඇගේ තියනවා ඒ නිසා මේක කරගෙන යන්න කියලා. 

නරක ප්‍රතිචාර වලදී ඔබ පසුබට උනේ නැද්ද?

නරක ප්‍රතිචාර තිබ්බට මම ඒවා එච්චර ගණන් ගත්තේ නැහැ.  මගේ උපරිමයෙන් මම පුරුදු උනා. 

අනික මට නිතරම අම්මා ලගින් ඉදන් මාව බලාගන්න මාත් එක්ක එහාට මෙහාට යන්න හිටියා, තාත්තා රට හිටියත් එයා මට නිතර උදව් කරා 

ඉතින් ප්‍රශ්නයක් ආවේම නෑ. 

රට තුල මොන වාතාවරණයක්‌ ආවත් ඔබ ගොඩක් මහන්සි උණු කෙනෙක් හිරු සුපර් ඩාන්ස් වෙනුවෙන්

ඔව් මට උගන්නන සර් විශ්ව සර් හිටියේ නුවර, ඉතින් බෝම්බ ගහපු වෙලාවේ උනත් මම ප්‍රක්ටිස් නතර කරේ නෑ. 

අපි නුවර ගියා. අම්මා මාව එක්කන් ගියා. 

ඇත්තටම අය්ය උනත් ගොඩක් උදව් කරා මගෙ පසුතල නිර්මාණ වැඩ වලට, උදේ දවල් නැතුව වැඩ කරා ඉතින් අපි ඔක්කොටම ගොඩක් මහන්සි කාලයක් උනා

සුපර් ඩාන්ස් වැඩසටහන තුල සිද්ද වුනු අමතක නොවන සිදුවීම මොකද්ද?

තරගයට කලින් අපි ගොඩක් පුරුදු උනා. හොදට ඩාන්ස් කරන්න සිලෙක්ට් රවුන්ඩ් තිබ්බ දවසක්, එහෙම අවස්ථාවක මාව වැටුනා. 

ඉතින් ඩාන්ස් කරද්දී ඒක අවාසි වෙනවා අපිට. 

ඉතින් එදා මම ගොඩක් බය උනා. අදටත් ඒ සින්දුව යද්දී මට ඒක මතක් වෙනවා. ඒක අමතක නොවන සිදුවීමක්. 

ඉගනගන්න වැඩ එක්ක කොහොමද ඩාන්සින් වැඩ බැලන්ස් කරගත්තේ?

 එතකොට මම දහය වසරේ ගොඩක් ඉස්කෝලේ වැඩ මග ඇරුනා.  ඒත් ගුරුවරු, යාළුවො මට උදව් කරා, නෝට්ස් පවා ලියල දුන්නා.  

ඉතිං ඒ සහයෝගය එක්ක මගෙ පුහුණුවීම් කරගෙන සේමි ෆයිනල් එකටම ආවා. 

ඔබ‍ තවමත් පාසල් වයසේ ශිෂ්‍යාවක් ඔබ‍ට මොනවගේ හැගීමක් ද දැනුනේ ජනප්‍රියත්වය එක්ක මේ වගේ වැඩසටහනකට සහභාගී වීම.

මම මුලදී නම් ගොඩක් බය උනා. මුලින් කැමරා එක ඉස්සරහට යද්දීත් මම අම්මාට කිව්වේ අපි ගෙදර යමු කියලා. සුපර් ඩාන්ස් නිසා මගෙ ලොකු වෙනසක් උනේ. මුලදී එහෙම බැ කිව්වට දැන් මට ඒක පුරුදුයි. 

අම්මා තමයී එදා මගෙ පස්සෙන් ඉදල මට ඒක කරගන්න උදව් කරේ. 

ඉතින් මුල් වටෙන් ගොඩක් අය ඉවත් උනා. 

ඒ උනත් මාව තේරුණු නිසා මම හිතුවා මටත් මේක කරන්න පුළුවන් කියලා

මේ ගමන එන්න ඔබ‍ට උදව් කරපු අය ගැනත් දැනගන්න ප්‍රේක්ෂකයෝ කැමැති ඇති.

ගොඩක් අය හිටියා. 

නම් වශයෙන් කියන්න අමාරුයි. මුලින්ම අම්මයි තාත්තායී. 

හැම ප්‍රැක්ටිස් එකටම අම්මා ආවා. 

හෑශ් අක්කිවත් මතක් කරන්න ඕන. 

මගෙ යාළුවො, ගුරුවරු හැමෝම මතක් කරන්න ඕන. 

ආදරේ ගැන අපි කතා කරොත් ඔබ‍ට මොකද හිතෙන්නේ?

ආදරේ කියන්නේ වැරැද්දක්‌ නෙමෙයි. 

අපි අම්මට තාත්තාට ආදරෙයි. ඉතින් අපිට ආදරේ ඕන. 

ඔබත් දැන් නව යොවුන් වයසේ ඉන්නේ. ඉතින් ඔබ‍ට එහෙම යෝජනා නැද්ද?

නැහැ තවම එහෙම නෑ 

(සිනාසෙයි)

ඉදිරියේ දී නර්තන අංශයට එන්න ඉන්න කෙනෙකුට ඔබ දෙන අවවාදය මොකද්ද?

මම හිතන්නේ අපි ගොඩක් ඉගෙනගන්න ඕන අපි හැම දේම බැලන්ස් කරගන්න ඕන. අද්‍යාපනය, ඩාන්සින් හැමදේම ඉගනගන්න එක අපිට වටිනවා.

ඉතින් මොනවද ඔබේ අනාගත බලාපොරොත්තු?

දැන් සීසන් එක ඉවරය්.  ඒ නිසා අධ්‍යාපන කටයුතු වලට මූලිකත්වය දෙන්න හිතුවා. මොකද මට හිතෙනවා අපිට අධ්‍යාපන සුදුසුකම් තිබුන නම් මීටත් වඩා ඉහළට යන්න පුළුවන් කියලා. ඉගන ගත්තොත් ඒක ගොඩක් වටිනවා. ඉතින් මම පුංචි කාලේ ඉදල ආසයි ගුවන් සේවිකාවක් වෙන්න. 

අද්‍යාපනය ඉවරවෙලා අනාගතේදී ගුවන් සේවිකාවක් වෙන්න තමයි බලාපොරොත්තුව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here